- අක්කර 21 ක භූමි භාගයක් කට අයත්
- පොල් ගස් 113 ක ප්‍රමාණයක් තිබී ඇත
- ධීවර පවුල් අසරණ වී ඇත.
- අධිවේගි මාර්ගයේ මෝටර් රථ හයක අනතුර රටට රහසකි.
කටුනායක-සිදුව නගර සභා බල ප්‍රදේශය තුල අක්කර 21 ක භූමි භාගයක පැවැති පෞද්ගලික ඉඩම මීට වසර 30 කට පමණ පෙර කටුනායක සීදුව නගර සභාව විසින් අප ද්‍රව්‍ය බැහැර කිරීමට මෙම ඉඩම ලබාගෙන තිබිණි. මෙම ඉඩම ලබා ගන්නා අවස්ථාවේ දී මෙහි පොල් ගස් 113 ක පමණ ප්‍රමාණයක් තිබී ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි.අපද්‍රව්‍ය බැහැර කිරීමට පටන් ගත් කාලයේ දී පොල් ගස් ක්‍රම ක්‍රමයෙන් විනාශ වී ඇත. මොන යම් ක්‍රමවේදයක් වත් අනුගමනය නොකොට කිසිම වර්ගීකරණයක් නොකොට කටූනායක සීදුව නගර සභාව විසින් අපද්‍රව්‍ය බැහැර කරන මෙම ඉඩම මීගමු කලපුවට මායිම් වී ඇත.එම ඉඩම පිහිටි භූමිභාගයෙහි ඇති කඩොලාන ශාකද අද විනාශ මුඛයට පත් වී ඇති බව පෙනෙන්ට තිබිණි. මත්ස්‍ය අභිජනනය ද සිදු නොවන නිසා මත්ස්‍ය සම්පත ද විනාශ වී ඇත. ගිනිතියා ඇති බවට තහවුරු වී ඇති මෙම ඉඩම ගිනි තබන ලද පුද්ගලයව හදුනාගෙන ඇතත් තවම අත්අඩංගුවට ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් පවසයි. ගින්න ආරම්භ වූ අවස්ථාවේ දී අධිවේගී මාර්ගයේ රථවාහන හයක් එක පේළියට අනතුරට ලක්වූ බව අප කවුරුත් නොදන්නා කරුණකි. මෙම කරුණු නිසා මේ වන විට අපද්‍රව්‍ය රැගෙන එන ටැක්ටර් රථ වලට මෙම ප්‍රදේශයට ඇතුල් වීමට අවස්ථාව ලබා නොදීමට ප්‍රදේශවාසීන් කටයුතු කරමින් පවතී. තමන් ජීවත් වන ප්‍රදේශය ආරක්ෂා කරදෙන මෙන් ප්‍රදේශවාසීන් විරෝධතාවක නියැලී සිටින බව අපට දක්නට ලැබෙනි.
0 Comments