* ජාඇල නගරයේ වෙළඳසැල් බොහොමයක් විවෘත ව පවතී
* විවෘතව පවතින ආයතන බොහොමයක් අත් සේදීමට භාවිතා කරන ඇල්කොහොල් සහිත දියර භාවිතා නොකිරීම
* ජා-ඇල පොලිස් ස්ථානයට විදේශ රටවලින් පැමිණි පුද්ගලයන් 45 ලියාපදිංචිවීම
කොරෝනා වෛරසය හේතුවෙන් රටම සලිතව සිටියද ජා-ඇල නාගරික ජනතාව ට එය එතරම් ප්‍රශ්නයක් නොවන ආකාරයේ හැසිරීමක් පෙන්වන බව දක්නට ඇත.
රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ නිවාඩු දින වශයෙන් 16, 17,18,19 යන දිනයන් රජය ප්‍රකාශයට පත් කලද එම එම දින වලදී ජා-ඇල නාගරික ප්‍රදේශයේ පෞද්ගලික භාණ්ඩ හා සේවා අලවි අංශ 95/: ක් පමණ විවෘතව තිබෙන බව ජා-ඇල බදු ගෙවන්නන් ගේ සංගමයේ සභාපති මහින්ද කළුදේව මහතා පෙන්වා දෙයි. ඒ අනුව ආහාර ඇතුළු අතවශ්‍ය ආහාර බැංකු වැනි භාණ්ඩ හා සේවා සපයන ආයතන මෙන්ම ඇගළුම්, ස්වර්ණාභරණ, රථ වාහන අලවි, ඉලෙක්ට්රොනික, මුදල් හුවමාරු, සුඛෙපභෝ භාණ්ඩ වැනි ආයතන විවෘතව තිබේ. නමුත් එම ආයතන බහුතරයක ඇල්කොහොල් සහිත ආරක්ෂක දියර හෝ වෙනත් ආරක්ෂක ක්‍රම අනුගමනය කරනුද දක්නට නොලැබේ. පොලීසිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ඇතැම් බැංකු වල පමණක් දෑත් සේදීම සදහා ආයතන ඉදිරිපිට ජල බේසම් තබා තිබේ. එසේම දහස් ගණනින් ජනතාව නගරයට පැමිණෙන අතර ඔවුන්ගෙන් බහුතරයක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මුබ ආවරණ පැලදීම හෝ වෙනත් ආරක්ෂක පියවරයන් රැගෙන තිබෙන බවක් දක්නට නොමැත.
තවද ඉතාලියේ සිට ලංකාවට පැමිණ සිටින පුද්ගලයකුගේ ජා-ඇල වෑවල ප්‍රදේශයේ නිවසක සියළුම නිවැසියන් නිවසේ නොසිටීම නිසා එම නිවස විශේෂ කාර්ය බලකා නිලධාරින් ගේ පරීක්ෂාවකට ලක් වන අයුරුද දකින්ට ලැබිණි.
තවද කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි නිරෝධානය ට ලක් නොවූ සියලු දෙනාට රජය විසින් තම තමන්ගේ පොලිස් ස්ථානවල ලියාපදිංචිවීමට අවස්ථාව ලබා දී ඇති නිසා ජාඇල පොලිස් ස්ථානයට එවැනි පුද්ගලයන් හතළිස් පස් දෙනෙකු ලියාපදිංචි වී ඇති බවත් ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව තම තමන්ගේ නිවෙස් වල කොරෝනා රෝග ලක්ෂණ මතුවෙනවා දැයි සෝදිසියෙන් සිටින ලෙස පොලිස් ආරංචි මාර්ග මගින් අපට දැනගන්නට ලැබුණි.
ජායාරූප
1, විශේෂ කාර්ය බලකා පරීක්ෂාවට ලක් වන නිවස.
2, ජා-ඇල පොලිස් ස්ථානයේ දෑත් සේදීම ට ජල බේසම් තබා ඇති අයුරු.
3, කාර්ය බහුල ජා-ඇල නගරය
0 Comments