ජා-ඇලින් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි

(ජා-ඇල ජනතාව ඉතාමත් පරිස්සමින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කළ යුතු බවත් හැකිතාක් නිවෙස් වලට ම වි කාලය ගත කරන ලෙසත් මහජන සෞඛ්‍යය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසා සිටියි.) ජා-ඇල නගරයේ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත රෝගියා හමුවු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය. ජා-ඇල මෙරිල් ෆොන්සේකා මාවතේ පදිංචි 55හැවිරිදි විවහක පුද්ගලයකු ට කොරෝනා වෛරසය මෙලෙස ආසාදනය වී ඇතැයි ඉකුත් 18 දින තහවුරු වු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා අවධාරණය කර සිටියේය. වෛරසය ආසාදිත පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 13 දින ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත. ලංකාවට පැමිණි එම පුද්ගලයා ඉතාලියේ දී මියගොස් ලංකාවට රැගෙන ආ පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයකට තවත් ඉතාලියේ සිට ලංකාවට පැමිණි පිරිසක් සමග සහභාගී වී ඇති බව අනාවරණය වුයේ යැයි ද අනුර අබේරත්න මහතා පැවසීය. වෛරසය ආසාදිත රෝගියා අංගොඩ උණ රෝහල ට ඇතුලත් කර ඇති අතර ඔහු සමග ගැවසුන පුද්ගලයින් නිරෝධායන ට යොමු කර ඇත.


"පසුව කරන ලද සටහනකි."
(ජා-ඇල මහජන සෞඛ්‍යය පරීක්ෂක වරයා නැවත වරක් අප වෙත කරුණු පැහැදිලි කරමින් කොරෝනා වැළඳුණු පුද්ගලයා සහභාගිවූයේ ඉතාලියේ සිට ගෙනෙන ලද දේහය සම්බන්ධයෙන් අවමංගල්‍යයට ද යයි තහවුරු වී නොමැති බව ප්‍රකාශ කරන ලදි)

Post a Comment

0 Comments