ලෝකවාසී කතෝලික ජනතාවගේ පශ්චාත්තාපික කාලය අදින් ආරම්භ වේ. පාස්කු කාලය ලෙස විවාහාරයෙ පවතින දින 40 ක කාලය පුරාවට බොහෝ ශ්‍රී ලාංකික කතෝලික ජනතාව නිරාහාරව ගොඩ මස් වලින් වැළකී මධ්‍යසාර භාවිතයෙන් තොරව අධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනු දක්නට ලැබේ. පාස්කු කාලය නිමවන්නේ පාස්කු ඉරුදින ජේසුස්වාමිදරුවන් මරණයෙන් උත්ථාන වීම සිහිකරමිනි. ගිය වර්ශයේදී ලක් දෙරණ තුළ පාස්කු ඉරු දින සිදු වු ඛේදවාචකය සදා අනුස්මරණීය වේ. මක්නිසාද වෙන වසරවල පාස්කු ඉරුදින මතකයෙන් ගිලිහී යන අතර 2019 වර්ෂයේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින බව අන්‍ය ආගමිකයෙක් වුවද දන්නා දිනයක් විය. මෙවර පාස්කු සමය තුළ ශ්‍රී ලාංකික කිතුනු ජනතාව ගිය වර්ෂයේ පාස්කු ඉරුදින සිදු වූ ඛේදවාචකයෙන් මියගිය සියලුම දෙනාව සිහිපත් කරමින් පාස්කු කාලය තුළ පශ්චාත්තාපික මෙහෙයවල් වල යෙදෙනු ඇත.

0 Comments