ඉකුත් 14දා සැකකාර සේවය අතහැර ගොස් සිටි පොලිස් කොස්තාපල් වරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කදන ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි වෙළඳ සලකට ගොස් ඇති සැකකරු පොලිස් හැදුනුම්පත පෙන්වා අවස්ථා කිහිපයකදීම මුදල් ලබාගෙන තිබෙන්නේ පොලිස් පරීක්ෂණයක් කල යුතු වරදක් වෙළඳ සල් හිමකරු කර ඇතැයි බිය වද්දමිණි. මෙලෙස සැකකරු පැමිණි අවස්ථාවක කදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාට වෙළඳ සල් හිමිකරු දැන්වීම් නිසා CCTVකැමරා මාර්ගයෙන් සැකකරු හදුනාගෙන මෙලෙස අත් අඩගුවට ගෙන තිබේ.
කැළණිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී රෝෂාන් ඩයස් හා කැළණිය කොට්ඨාශය 1 භාර පොලිස් අධිකාරී රමේෂ් රත්නායක යන නිලධාරීන්ගේ උපදෙස් මත කදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ෂණ අංශයේ රමේෂ් රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු අත් අඩගුවට ගැනීමට ක්‍රියා කර තිබිණි.

0 Comments