ඒකල , ඇලෙක්සැන්ඩර් ප්‍රදේශයේ කෙට් ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවකින් පිටවන දුමාරය හේතුවෙන් කර්මාන්ත ශාලාව අවට පදිංචි කරුවන් පීඩාවට පත්ව රෝගී වන්නේ යැයි පවසමින් අවට නිවැසියන් පිරිසක් කම්හල ඉදිරිපිට ට පැමිණ තම විරෝධතාවය ප්‍රකාශ කර සිටියහ.
ඉකුත් 10දා කර්මාන්ත ශාලාව ඉදිරිපිට ට පැමිණි පිරිස පවසා සිටියේ කර්මාන්ත ශාලාවෙ චිමිනිය ඉතා පහතින් පිහිටා තිබීමත් එයින් නික්මෙන දුම් හා අළු ආසන්න නිවෙස් වලට පැමිණීම නිසා කුඩා දරුවන් සේම වැඩිහිටියන් ද සුවසන රෝග වලට මුහුණ පාන බවයි. තවද පිළිවෙල කර ගත් ආහාර මතටද අළු වැටීම නිසා ආහාර ගැනීම ද තමන්ට ගැටළුවක් වී ඇති බවයි.
එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ජා-ඇල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටි. ඒ. එන්. බි. තිබ්බටුමොණුව මහාත ඇතුළු පොලිස් නිලධාරීන් ආයතනයේ කළමණාකාර තැන යැයි පැවසෙන සමන් ප්‍රියන්ත නැමැත්තා ගෙන්වා කල ප්‍රශ්න කිරීමේදී ඔහු විරෝධතා දැක්වුවන්ට ප්‍රකාශ කර සිටියේ කාර්මික ශිල්පීන් ගෙන්වා ඉදිරි දින කිහිපය තුළ අදාල ගැටළුව විසදීමට ක්‍රියා කරන බවයි. එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු ට ආයතනය තුලට පැමිණ නිරීක්ෂණය කරන්න යැයි පැවසු කළමනාකරු යැයි පැවසු තැනැත්තා මාධ්‍ය ට එම අවස්ථාව නිරීක්ෂණය කිරීමට නොපැමිණෙන යැයි පැවසීය.
ජායාරූප.
විරෝධය දැක්වීමට පැමිණ සිටි පිරිසක් හා පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන අයුරු.
0 Comments