කොරොනා අවදානම් සහිත රටවල සිට පැමිණෙන ඔබට කරන කාරුණික ආයාචනයයි

ඔබ සියලු දෙනාම අප රටට වීරයන් ය. ඔබ දහඩිය මහන්සියෙන් උපයන විදේශ විනිමය අප රටට ගෙනැවිත් ලක් දේශයේ දියුණුවට හා සංවර්ධනයට දක්වන දායකත්වය අප අගය කොට සලකමු.

අප ලක් මාතාව කොරොනා අවදානම අවම රටක් ලෙස ලෝකයා විසින් පිළිගන්නා මොහොතක අප දේශයේ ගෞරවය හා කොරොනා අවදානම රට තුළට ඇතුල්වීම වැළැක්වීමට ඔබගේ දායකත්වය ද ලැබිය යුතුව ඇත. මක්නිසාද ඔබ පැමිණෙන්නේ කොරොනා අවදානමේ රතු එලිය දක්වා ඇති රටක සිටය.

ඔබ ආරක්ෂිත ලක් මාතාව වෙත පැමිණීමෙන් පසුව ඒ ගැන සිතා කටයුතු කරන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. ගුවන් තොටුපලේදි හා නිරෝදාර මධ්‍යස්ථානවලදී ඔබලාට සිදුවන අඩුපාඩුකම් දරා ගැනීමට උත්සාහ කරනවානම් වඩාත් යෝග්‍යයයි මක්නිසාද ඔබලාව නිරෝධායනය කරනුයේ ලක් දේශයේ සාමය උදෙසා ඇපකැප වූ අපගේ දේශයේ මුර දේවතාවන් වන රණවිරුවන් විසින්ය. ඔහු න් අඩුපාඩුකම් ගැන නොසිතා රටේ ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිත පවා කැප කර අය වෙති. ඔබලා රටවිරුවන් ය. ඔහූන් රණවිරුවන්ය. ඔබ සියලු දෙනා රටට සම්පතකි. ලක් මාතාවට මෙතෙක් කල් හානි නොකරපු corona වෛරසයෙන් රට බේරා ගනිමු. ඔබ සියලු දෙනා ඉවසිලිමත්ව ධෛර්ය සම්පන්නව කටයුතු කරන්න.

මෙය ජා-ඇල ටවුන් කණ්ඩායමේ පණිවිඩයකි.

Image may contain: 1 person

Post a Comment

0 Comments