කොරෝනාව මනුෂ්‍ය වර්ගයාට ස්වභාව ධර්මයේ යථාර්ථය කියාදෙයි

පෘථිවිය නම් අපේ ග්‍රහ ලෝකය තුළ මෙතෙක් කලකට අසන්නට නොලැබුණු බොහෝ දේ 20යි 20සේ පටන්ගැන්මේ සිට ම අසන්නට ලැබුණු බව කිව යුතුයි. ඉදිරියේදී කුමකින් කුමක් සිදුවේදැයි කාටත් සිතාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. මේ ලෝකය තුළ ජීවත්වීමට සුදුසු එකම ග්‍රහලෝකය ලෙස අප විසින් වටහාගෙන ඇති අප ජීවත්වන පෘථිවිය ජීවත්වීමට නුසුදුසු භූමියක් බවට පත්වෙමින් පවතිනවා ද? ලෝක විනාශය අත ළඟද? එය එසේ නොවේවායි අපේ ප්‍රාර්ථනයයි. ලෝකෙම අපගේ අතේ තිබ්බත් වැඩක් නැත. මනුෂ්‍ය වර්ගයාගේම එදිනෙදා කටයුතු දිනෙන් දින අඩාල වෙමින් පවතින තත්ත්වයක් පෘථිවිය පුරාම උද්ගතවී ඇත. අතීතයේ අපගේ මවුබිම තුළ යුද්ධය පැවති කාලයේදී විදේශ රටවල ගුවන් යානා අප දේශයට පැමිණියේ නැත. නමුත් අප කවමදාවත් අසා තිබෙනවාද සංවර්ධිත යැයි අප විසින් සිතා සිටින රටවල් වල පවා සියලුම කටයුතු අකර්මණ්‍ය වෙමින් පවතින ස්වභාවයක් සහ සියලුම ගුවන් ගමන් පවා තහනම් කර ඇති තත්ත්වයක් පවතී. ත්‍රාසජනක චිත්‍රපටවල වෛරස් වර්ග ව්‍යාප්ත වි මනුෂ්‍ය ජීවිත විනාශ කරන නිර්මාණ අප දැක ඇත්තෙමු. එය යථාර්ථයක් වේයැයි කවදාවත් අපි නොසිතුවෙමු. ගිය වර්ෂයේ මේ කාලයේදී සහරාන් විසින් අපේ රට විනාශකර දමන ලදී. මේ වසර තුළ මුළු ලෝකයටම බලපෑම් කරපු corona වෛරසය මුළු ලොවම විනාශ කරමින් පවතී. කවුරුන් කොපමණ සිහින මැවුවත් යුරෝපයට හෝ වෙනත් රටකට ගොස් රැකියාවක් කර දියුණු වෙන්න. අවසානයේදී කෙසේ හෝ ඔවුන්ටද තමන්ගේ මව්බිම පමණක් ඉතිරි වේ. එය සනාථ වන්නේ ඉතාලියේ හා උතුරු කොරියාවේ සිට කොරෝනාවට බියෙන් අප දේශයට පැමිණි ගුවන් තොටුපලේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් දුටු විට ය. කිසි දෙයක් නැතිව අප දේශයේන් නික්මුණු ඔවුන් හරි හම්බකරගෙන නැවත අප දේශයට පැමිණෙන විට ලෝකයම මරණ බියෙන් තැති ගැන් වන මොහොතක් නිර්මාණය වී තිබුණි. අවසානයේදී අපට ඉතිරි වන්නේ අප උපන් දේශය පමණකි. එම දේශය තුළ තමන්ගේ නෑදෑ හිතවතුන් අතරේ මියගියත් කමක් නැතැයි බොහෝ දෙනෙක් සිතනු ඇත. අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී අපගේ දේශයට ස්වභාවධර්මයෙන් ලැබෙන විපත් ඉතා අල්පය. නමුත් අනෙකුත් රටවල් හා සැසඳීමේදී ස්වභාවධර්මය හැරුණු විට අනිත් හැම අතකින්ම බැට කෑ මිනිසුන් ජීවත් වන දේශය අප දේශයයි අපට සිතේ. අතීතයේ සිටම අගහිඟකම් කොපමන තිබුනත් කටපුරා සිනාසිලා සිටින මිනිස්සු අප දේශයේ දැනටත් සිටිනු ඇත. පෘථිවිය පුරාවටම අවදානම් කලාපයක් ලෙස දක්වා ඇති අවස්ථාවක සෑම කෙනෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ මව්බිම තුළ තමන්ගේ නෑදෑ හිතමිතුරන් සමඟ ජීවත්වීමටය. එම නිසා මේ අවදානම් අවස්ථාවේ සියලුදෙනාම මොන රටේ සිටියත් සංසුන්ව ධෛර්යයෙන් නිවෙස්වලට වී තමන්ගේ ආගම ධර්මය අදහමින් ලෝකය සන්සුන් වන තුරු ස්වභාවධර්මයට අවනතව බලාසිටීම පමණක් කළ යුතුයි.

මෙය ජා-ඇල ටවුන් කණ්ඩායමේ සංකල්පනාවකි.

Image may contain: text that says 'THE DAY GOD CAME TO EARTH'

Post a Comment

0 Comments