කණූවන පෙරේරා පාරේ සහ ශාන්ත ජෝසෆ් පාරේ සහ කනුවන ප්‍රදේශයතුල සුලභ දසුනකි මෙය. උදෑසන කාලයේදී මෙසේ කසිප්පු බී තැන් තැන් වල වැටී සිටින යාචකයින් සහ කසිප්පු වලට ඇබ්බැහි වී සිටින සමහර මිනිසුන් තමන්ට හොඳ මත්පැන් බීමට මුදල් නොමැතිකම නිසා අනවසරෙන් නිෂ්පාදනය කරන කසිප්පු බීමට ඇබ්බැහි වී සිටිති. අපට තියන ප්‍රශ්නය නම් මෙම අනවසර කසිප්පු වල තිබෙන ප්‍රමිතියේ ප්‍රශ්නයක් නිසා මොවුන්ට මෙසේ වෙන බවයි. කනුවන ප්‍රදේශයේ අනවසරෙන් කසිප්පු විකුණන ස්ථාන 2ක් පමණක් ඇති බව කවුරුත් දන්නා රහසකි. අදාළ බලධාරීන්ට මෙවැනි ස්ථාන වැටලීමට නොහැකිනම් එම අනවසර කසිප්පු වල ප්‍රමිතිය ගැන හෝ සොයා බලන ලෙස අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු.
0 Comments