සිය කුලී නිවස තුළ ගිණි තබා ගත් දෙදරු මවක් අසාධ්‍ය තත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත


ඉකුත් 16දා සවස 5.30 පමණ උක්ත සිද්ධිය සිදුව තිබේ. සිය සැමියා බීමතින් නිවසට පැමිණෙන්නේ යැයි සිත් තැව්ලට පත් ව නිවසේ වු භූමි තෙල් සිරුරට හලාගෙන අදාල කාන්තාව ගිණි තබාගෙන ඇතැයි ජා-ඇල පොලීසිය පවසයි. විසාකා වත්ත ඒකල පදිංචි සුබ්‍රමනියම් කුමුදුණි (31) නැමති දෙදරු මවක් මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබේ. කාන්තාවගේ සිරුරට ගිනි ඇවිලී මෙන් පසු ප්‍රදේශ වාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට සිද්ධිය දැනුම් දී ඇති අතර පසුව සුවසැරිය ගිලන් රථ සේවය තුළින් කාන්තාව රාගම රෝහලට ඇතුලත් කර ඇත. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ කාන්තාවගේ තත්වය බරපතල බවයි. සිද්ධියෙන් පසු අදාළ කාන්තාවගේ සැමියා වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු ජා-ඇල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Image may contain: fire and night

Post a Comment

0 Comments