ජා-ඇල ජරමර ගොඩයි
March 20, 2020
ඇඳිරි නීතිය ඉවත් කරන ලද උදැසන 9.00 ත් දහවල් 12.00 අතර කාලයේදී ජා-ඇල නගරයට ජනතාව ඇදී ආවේ එක රොත්තට ය. මේ අවස්ථාවේ ඒ සුදුසු දෙයක් නොවේ. ජනතාවට අත්දැකීම් ඇත්තේ ඡන්දයක් කාලයේදී දාපු ඇඳිරි නීතියත් ඒත් නැත්තං එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව දමන ලද ඇඳිරි නීතියක් ගැනය. දැන් ඇඳිරි නීතිය දමා ඇත්තේ කොරොනා වසංගතය දුරු කිරීමට ය. ඒ සඳහා ජනතාව එක්රොක්ව එක්රැස්ව සිටීම සුදුසු නැත. නමුත් අහිංසක මිනිසුන් කුමක් කරන්නද තමන්ගේ බඩගින්න නිවා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ ලබා ගත යුතුය. ජා ඇල නගරයේ ඉන්ධන පිරහුම් හල් වල ද දිගු පෝලිම් දක්නට තිබෙන්ට විය. සමහරක් ඉන්ධන පිරහුම් හල් වසා තිබිණි. ජනතාවගේ කලබලය අස්සේ කුඩා අනතුරකුත් තුඩැල්ල ප්‍රදේශයේ දී සිදුවී තිබිණි. කෙසේ හෝ 12 න් පසුව නැවත සදුදා උදෑසන 6.00 දක්වා ඇඳිරිනීතිය පනවා ඇති නිසා සෑම කෙනෙකුම තමන්ගේ නිවෙස්වලට වී බාහිර කිසිම කෙනෙකු සමග සම්බන්ධතා පවත්වා නොගෙන කටයුතු කරන්නේ නම් මේ corona වසංගතය පැතිර යාම වැළකෙනු ඇත. මෙම අවදානම් අවස්ථාවේ සිදුවිය යුත්තේ එයයි. කල්පනාකාරී වන්න. පණවා ඇති ඇඳිරිනීතිය මාර්ගයෙන් corona වසංගතය පැතිරීම වළක්වා ගත හැකිය.
0 Comments