නිවෙස් වලට වී සිටින තුරු ඔබ ආරක්ෂිතයි.
-----------------------------------------------------
මුළු ලෝවම කොරෝනාවට සලිත වෙමින් පවතින වාතාවරණයක් යටතේ ඔබත් ආරක්ෂිතද ? මොහොතක් සිතා බලන්න. ලොව පුරාම ඇති තත්ත්වය ඉතා අවදානම්ය. මක්නිසාද මෙම විෂබීජය අපට දෘශ්‍යමාන නොවන නිසා එම අවදානම තවත් වැඩි වී ඇත. මනුෂ්‍යයෙක් විදියට අප එදිනෙදා ජිවත් විමට කරන කටයුතුවලින් මේ විෂබීජය ස්පර්ශ වී ශරීරගතවීමට ඇති අවකාශ බොහෝය. මක්නිසාද යම්කිසි පුද්ගලයෙකුට මෙම විෂබීජය ශරීරගත වී ඇත්නම් එම පුද්ගලයා ගෙන් මෙය කී දෙනෙකුට පැතිරිය හැකි ද.
මෙම විෂබීජය ශරීර ගතවු පුද්ගලයා සමඟ නිවසේ සිටින්නේ තවත් දෙදෙනෙකු යැයි අප උපකල්පනය කරමු. එනම් විෂබීජය ශරීරගත වූ පුද්ගලයාත් ඔහුගේ බිරිඳත් වයස අවුරුදු පහළොවක් වූ ඔවුන්ගේ පුතනුවනුත් කියා අපි මනඃකල්පිතව සිතමු. විෂබීජය ශරීරගත වී ඇතැයි මෙම පුද්ගලයා නොදනී. ඔව් තම බිරිඳත් පුතුනුවනුත් සමග රාත්‍රී භෝජනයකට අසල්වාසී නිවසකට ගියා සිතමු. එම අසල්වාසී නිවස එම අවස්ථාවේදී පුද්ගලයන් පස් දෙනෙක් එම උත්සවයට සහභාගි වුණා යැයි සිතමු. ඔවුන් සියලු දෙනාම එක මේසයකට වි සතුටු සාමීචියේ යෙදුනායි සිතමු. පසුදින උදෑසන විෂබීජය ශරීරගතවී ඇති මුල්ම පුද්ගලයා තමන්ගේ උගුරේ අමාරුවට බෙහෙත් ලබා ගැනීමට ත්‍රීවිල් රථයක නැග ලග ඇති පෞද්ගලිකව රෝහලකට හෝ පෞද්ගලික වෛද්‍යවරයෙක් මුණගැසීමට ගිය සිතමු. ඔහු යන්නේ එක ත්‍රීවිල් රථයක නිවසට එන්නේ තවත් ත්‍රීවීල් එකක. එදිනම දහවල් තම පුතණුවන් ලග ඇති ටියුෂන් පන්තියකට ගියායි සිතමු. එම ටියුෂන් පන්තියේ ළමුන් තිහක් සිටිනවායි සිතමු. විෂබීජය ශරීර ගතවු පුද්ගලයාගේ බිරිඳ රාත්‍රියේ ඇති උත්සවයට අවශ්‍ය කෑමබීම ලබාගැනීමට super market එකට ගියායි සිතමු. රාත්‍රියේ මෙම පුද්ගලයාගේ නිවසේ මිතුරන් පිරිසකට පැමින කාලා බීලා විනෝද වෙලා ඩාන්ස් කරන්න ධ්‍යසාර පානය කිරීමට උත්සවයක් සංවිධානය කරනවා යැයි සිතමු. දැන් මොකක්ද තත්වය.කොරෝනා වෛරසය ස්වභාවය අනුව කීදෙනෙක්ට මෙම වෛරසය ශරීරගත වී ඇත්ද? කාටත් සිතිය නොහැකිය. ඒක තමයි මෙහි ඇති භයානක කම. හොඳම දේ නම් වෛරස ශරීරගතවී ඇති පුද්ගලයකු සොයාගනු ලැබූ වොත් ඔහු හෝ ඇය සමඟ සම්බන්ධතා පවත්වපු සියලුදෙනාම අන් සැමගෙන් ඈත්ව සිටීමයි. මෙම රෝගයට අනුව එසේ ස්වං නිරෝධානය වී රෝගය ශරීර ගත වී ඇති බවට සැකයක් ඇත්නම් වාහම රජයේ රෝහලක වෛද්‍ය උපදෙස් ලබාගෙන වෛද්‍යවරුන් පවසන ආකාරයට ක්‍රියා කිරීමයි.
දැනට ඇති තත්ත්වයට හොඳම දේ නිවෙස් වලට වී ආරක්ෂාකාරීව සිටීමයි. දරුවන්ගේ පාසල් නිවාඩු නිසා, තමන්ට රැකියාවට යෑමට අවශ්‍ය නොවන නිසා, බිරිඳ වැඩ කරන කාර්යාලය නිවාඩු බැවින් සියලු දෙනාම එක්වී නිවෙස්වලට වී සිටීමට උත්සාහ කිරීම තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපුරා ගැනීමක් වනු ඇත. එසේ නොකර හොඳ චාන්ස් එකක් තියෙන්නේ කියා සියලු දෙනාම එක්වී සවසට මුහුදු වෙරළට යෑම. නෑදෑයන්ගේ නිවසට යෑම. පිටස්තර නෑදෑයන් තමන්ගේ නිවසට ගෙන්වා ගැනීම. පොලිස් ඇදිරිනීතිය පනවා ඇති බැවින් ඒ සියල්ලම අතහැර මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් දමා විනෝද වීමට උත්සහ කිරීම. මෙම සියලු දේවල් ඉතා භයානකය.කොරෝනා වෛරසය අපගේ රටෙන් තුරන් කිරීමට අපි සැවොම වගකීමෙන් අපගේ යුතුකම් කොටස ඉටු කළ යුතුය. නැතිනම් ඇහැට නොපෙනෙන වෛරසයක් නිසා මුළු ලෝකයම අවසානය මෙය විය හැකිය.
(ඉහත සඳහන් කර ඇත්තේ මනක්කල්පිත කුටුම්භයක් ගැන පමණකි)
0 Comments