ජා-ඇල ප්‍රදේශයේ සිට රාගම රෝහලට ඇතුළත් වු කොරෝනා ආසාදිත යා නිසා ඔහු ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සියළුම කාර්ය මණ්ඩලය සති දෙකක කාලයකට නිරෝධායන ට යොමු කිරීමට සිදු වු බව රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.
පපුවේ අමාරුවක් යැයි පවසා අදාල පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහු ඔහුගේ තොරතුරු රොහල් කාර්ය මණ්ඩලයෙන් වසන් කර තිබේ. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය තොරතුරු විමසීමේදී මොහු ඉතාලියේ සිට පැමිණි පිරිසක් සමග සමීපව ඇසුරු කළ බව වසන් කර ඇත. එබැවින් එම පුද්ගලයාව සාමාන්‍ය රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවකට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දී තිබේ. දින දෙකක් පසුඇවීමේදී අදාල රෝගියාගේ ඥාතියකු පවසා ඇත්තේ එම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි පිරිසක් සමග පාටි දමමින් සමීපව ඇසුරු කර ඇති බවයි. පසුව ඔහුව වාහාම වෙනත් ස්ථානයකට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු කොරෝනා රෝගය ආසාදිතයකු බවයි.
ඔහුගේ මෙම වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් මේ වනවිට රාගම රෝහලේ අදාල රෝගියා නැවතී සිටි වාට්ටුවේ විශේෂඤ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සුළු සේවකයින් හා රෝගීන් සති දෙකක් නිරෝධායන ට යොමු කල යුතුව ඇත.
මේ හේතුව නිසා හෘද රෝග වැනි අති සංවේදී රෝහල් වාට්ටුවක කටයුතු අඩපන වීමේ තත්වයක් උද්ගත වී ඇත.
වගකීම් විරහිත පුද්ගලයින් නිසා රට තුළ හා ජාඇල ප්‍රදේශයේ කොරෝනා පැතිර යාමේ අවදානම ඉහල යමින් තිබීම ගැන ජා-ඇල ටවුන් කණ්ඩායමේ කනගාටුව..
0 Comments