ජා-ඇල ප්‍රාදේශීය සභාවට වන්දියක් ගෙවීමට සිදු වේ.



ජා-ඇල ප්‍රාදේශීය සභාවට එරෙහිව මීගමුව දිසා අධිකරණයේ පැවරු නඩුවක් හේතුවෙන් ජා-ඇල ප්‍රාදේශීය සභාවට රුපියල් 4168015.03( රුපියල් හතලිස් එක් ලක්ෂ හැට අටදහස් පහලවයි ශත තුනක ) වන්මුදලක් ගෙවිය ට සිදුව ඇතැයි ජා-ඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අතුල ජයවර්ධන මහතා හෙළි දරව් කර සිටියහ.

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ මාර්තු මස මාසික මහා සභා රැස්වීමේදී ඒ මහතා මේ බව අනාවරණය කර සිටියහ. මීගමුව දිසා අධිකරණයේ නඩු අංක 2450 යටතේ ගොනු කරනු ලැබු නඩුව හේතුවෙන් මෙම මුදල ප්‍රාදේශිය සභාවට ගෙවීමට නියම වී ඇත. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තාප්පයක් කැඩීම සම්බන්ධ නඩුවක් හේතුවෙන් මෙම මුදල ගෙවීමට සිදු ව ඇති බවද මන්ත්‍රීවරයා අනාවරණය කලහ. නිසි පරිදි නඩුවට ප්‍රාදේශිය සභාව ඉරිපත් නොවීම හේතුවෙන් මෙලෙස මහජන මුදල් විනාශ කිරීම අපරාධයක් බවද අතුල ජයවර්ධන මහතා කරුණු පැහැදිලි කර සිටියහ. එසේම ප්‍රාදේශිය සභාව වෙනුවෙන් ඉදිරිපත් වු නිතී නිලධාරී යා වෙනුවෙන් ගෙව් මුදල් ද සමග සභාවට අහිමි වන මුදල මීට වඩා වැඩි විය හැකි බවද මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

මෙහිදී කරුණු පැහැදිලි කල ප්‍රදේශිය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා සභාවට අවධාරණය කර සිටියේ තම පාලන කාලයට පෙර ගොණු කර තිබූ උක්ත නඩුව සදහා මේ මුදල් ප්‍රමාණය ගෙවන ලෙස පැමිණිලි කාරියගේ නීතීඥ තැන ලිපිය ක් එවා ඇති බවයි. හිටපු සභාපති වරයා හෝ ලේකම් වරිය නිසි ලෙස නඩුවට නිලධාරීන් යොමු නොකිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. කේසේ වෙනත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ට කරුණු පැහැදිලි කිරීමට තමන් කටයුතු කරන බවද චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පවසා සිටියහ

Post a Comment

0 Comments